දිවිනැගුම නඩුවෙන් බැසිල් නිදොස් කර නිදහස් කරනවාද.. තීන්දුව එන සදුදා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 27, 2020

දිවිනැගුම නඩුවෙන් බැසිල් නිදොස් කර නිදහස් කරනවාද.. තීන්දුව එන සදුදා !

දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අරමුදල් කෝටි 30ක් අයථා ලෙස පරිහරණය කළ බවට ගොනු කර ඇති චෝදනාවලින් හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිස නිදොස් කර නිදහස් කරන්නැයි කළ ඉල්ලීම පිළිබඳව තීන්දුව එළඹෙන 30 නිදා ලබාදීමට නියමිතව තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා විසින් 25 දිනයේ මේ බව දැනුම් දුන්නේය.

විත්තියේ නීතිඥයන් විසින් ඉල්ලා ඇත්තේ මෙම චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති නිසා විත්තිකරුවන් සියලු දෙනා ම නිදොස් කොට නිදහස් කරන ලෙසයි.

ඊයේ දිනයේ පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ තිලක් මාරපන නවීන් මාරපන ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියහ

විත්තියේ නීතිඥයන් පෙන්වා දුන්නේ පැමිණිල්ලේ සාක්ෂි විභාග කළ අවස්ථාවේදී තම සේවාදායකයාට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් ඔප්පුකොට නොමැති බවයි.

එනිසා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වගන්තිය යටතේ ඔවුන් නිදොස් කොට නිදහස් කරන්නැයි ද නීතීඥයන් ඉල්ලා සිටියහ.


No comments:

Post a Comment

Post Bottom Ad