රුහුණ කැම්පස් එකේ දේපළවලට හානි කළ දේශපාලකයා අල්ලන්න – ආචාර්යවරු ඉල්ලති - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 15, 2020

රුහුණ කැම්පස් එකේ දේපළවලට හානි කළ දේශපාලකයා අල්ලන්න – ආචාර්යවරු ඉල්ලති

මාතර මහ නගර සභාවේ සභිකයකුගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් 2020 නොවැම්බර් 7 වන දින රුහුණ විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයට නීතිවිරෝධී ලෙස හා බලහත්කාරයෙන් ඇතුළු වී රබීන්ද්‍රනාත් තාගෝර් ශ්‍රවණාගාරය සහ තනිකඩ කුලී නිවාස අතර ඇති භූමිය බුල්ඩෝසර් යන්ත්‍රයක් භාවිතා කර කපා පාරිසරික වශයෙන් වැදගත් වෙරළබඩ වෘක්ෂලතාදිය විනාශ කර තිබෙන බව ආචාර්යවරුන් චෝදනා කරති.

වෙරළට පිවිසීමේ මාර්ගයක් සැකසීම ඔවුනගේ බලාපොරොත්තුව ඇතැයිද එය අත්තනෝමතික ක්‍රියාවක් බවද ඔවුහු දක්වති.
මේ සම්බන්ධයෙන් 2011.11.07 දින මාතර පොලිස් ස්ථානයේදී පැමිණිල්ලක් ද ගොනු කර ඇතත් (පොලිස් පැමිණිලි අංකය: CIB5297/46). මෙම වැරදිකරුවන්ට එරෙහිව රටේ පොදු නීතිය ක්‍රියාත්මක නොකර තිබෙන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය දන්වා ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad