කෑගල්ලේ ඖෂධය කොරෝනා සදහා සුදුසු යයි කිසිම තහවුරුවක් කර නෑ.. හෙල වෙදකම විද්‍යානුකූලව පරීක්‍ෂා කල යුතුයි - කොරෝනා පාලන ඇමතිනී - විගස පුවත් - Vigasapuwath

Tuesday, December 15, 2020

කෑගල්ලේ ඖෂධය කොරෝනා සදහා සුදුසු යයි කිසිම තහවුරුවක් කර නෑ.. හෙල වෙදකම විද්‍යානුකූලව පරීක්‍ෂා කල යුතුයි - කොරෝනා පාලන ඇමතිනී

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති ඖෂධය කොරෝනා වලට සුදුසු යයි කිසිතැනක තහවුරු වී නැතැයි කොරෝනා පාලනය පිළිබඳ රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

එය විද්‍යාත්මකව තහවුරු කරන තෙක් කොරෝනා සඳහා යොදා සුදුසුද නැද්ද යන්න පැවසිය නොහැකි බවද ඇය පවසන්නීය.

හෙළ වෙදකම් වල සාර්ථක අසාර්ථක භාවය විද්‍යානුකූලව පරීක්ෂණ කළ පසු ඒවා කොරෝනා සදහා සුදුසුද නැද්ද යන්න පැවසිය හැකි යැයි ද ඇය කියයි.

කෙසේ නමුත් හෙළ වෙදකම මෙරට වසර ගණනාවක් තිස්සේ පැවත එන එකක් බවද කී ඇය තමන්ට කැමති බෙහෙතක් පානය කිරීමට ජනතාවට අයිතිය ඇතැයි ද සඳහන් කළාය.

උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මේ බව කියා සිටියාය.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *