වත්මන් රජය, ජෝගි නට නටා, කොරෝනා වසංගතය ගරානාවක් කරගනිමින් ගෙනියන මේ පාලන ක්‍රමය තුළින් නුදුරේදීම රට ඉතාමත් අභාග්‍යසම්පන්න තත්ත්වයකට මුහුණ දෙනු ඇති බවත්, ආදර්ශමත් ක්‍රියාවලියකින් තොරව, විධිමත් මූල්‍ය කළමණාකරනයකින් තොරව කටයුතු කළහොත් රට බංකොළොත්වීමෙන් ගළවාගත නොහැකි වනු ඇති බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.
වත්මන් රජයේ මෙම අදූරදර්ශී ක්‍රියාදාමයෙන් රජය අසමත් වනවා පමණක් නොව සමස්ථ රටම අඳුරු අගාධයකට ඇද වැටෙන බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරයා, මේ තත්ත්වයෙන් රට මුදවා ගැනීමට සැබෑ ලෙසම රටට ආදරය කරනා පිරිස එක්වී දේශපාලනයෙන් ආතල් ගැනීම නවතා රටේ ආර්ථිකය ගොඩනැගීමට කැපවිය යුතු බවද පෙන්වා දෙයි.
වර්තමානයේ රටේ පැන නැගී ඇති රාජ්‍ය මූල්‍ය අර්බුදය ඇතුළු කරුණු ගණනාවක් ගැන තම සමාජ ජාල ගිණුම ඔස්සේ ඔහු මෙම අදහස් පල කර ඇත.
No comments:
Post a Comment