එජාප මන්ත්‍රීවරයා මේ මාසයේ නම් කරනවා. මුලදී බැහැයි කීවාට රනිල්ම එන්න වුණත් පුළුවන් - රුවන් - විගස පුවත් - Vigasapuwath

Saturday, January 2, 2021

එජාප මන්ත්‍රීවරයා මේ මාසයේ නම් කරනවා. මුලදී බැහැයි කීවාට රනිල්ම එන්න වුණත් පුළුවන් - රුවන්

එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මේ මාසය තුළ අනිවාර්යයෙන්ම අයෙකු නම් කරන බවත් ඇතැම් විට ඒ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාම වීමටත් හැකි බවත් එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි. 

"ආණ්ඩුවත් එකයි, විපක්ෂයත් එකයි. පාර්ලිමේන්තුවේ බැනගන්නවා, එක එක චෝදනා එල්ල කරගන්නවා, රෑට පාටි දාගෙන සින්දු කියනවා. ඒක නිසා තමයි මිත්‍රවරුනි අපට එක්සත් ජාතික පක්ෂය ආපසු අවශ්‍ය වෙන්නෙ. 

ලබන සුමානෙ වෙනකොට අපි තීරණයක් ගන්නවා කවුද පාර්ලිමේන්තුවට යන්න ඕනෙ කියලා. මං හිතන්නෙ බහුතරයක්ම අපි කිව්වෙ නායකතුමා තමයි සුදුස්සා කියලා. පාර්ලිමේන්තුවට යන්නෑ කියන ස්ථාවරයේ තමා එතුමා එදා හිටියෙ. අද කොහොමද දන්නෑ, ඒක වෙනස් වෙන්නත් පුළුවන්. එතුමා යන්නැත්තං ඒත් සුදුසු පුද්ගලයෙක් අපි පාර්ලිමේන්තුවට මේ මාසෙ තුළ යවනවා. 

අද විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු නායකතුමාටත් අපටත් කතා කරලා කියනවා තමුන්නාන්සෙලා එන්න, මෙතෙන්ට ඇවිල්ලා මොකක් හරි නායකත්වයක් දෙන්න, මොකද අද විපක්ෂයක් හැටියටත් අපි සීසීකඩ වෙලා ඉන්නෙ කියලා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

රුවන් විජේවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ ( 02) පැවති එජාප රැස්වීමක් අමතමිනි. 

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *