පාස්කු වාර්තාවෙන් එල්ලවූ චෝදනාවලට රනිල් දුන් පිළිතුර - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 25, 2021

පාස්කු වාර්තාවෙන් එල්ලවූ චෝදනාවලට රනිල් දුන් පිළිතුර

ගමික අන්තවාදය සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවට පාස්කු කොමිසම සිය අවසන් වාර්තාවෙන් තමාට එල්ල කර ඇති චෝදනාව ප්‍රතික්ෂේප කරන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඉන්දීය මාධ්‍ය ආයතනයක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

මාධ්‍යවේදිනිය : කොමිසම චෝදනා කරනවා ඉස්ලාම් අන්තවාදය සම්බන්ධව ඔබ නිසි පියවරයන් නොගත් බවට ? ඔබ එයත් සමග එකඟ වෙනවද ?”

රනිල් වික්‍රමසිංහ : “නැහැ. පැරීසියට එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් පසුව මම පොලිසියට උපදෙස් දුන්නා ආගම මුල්කරගනිමින් ක්‍රියාත්මක වන අන්තවාදය සම්බන්ධයෙන් විශේෂ ඒකකයක් පිහිටුවන්න. වෙනම කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළා. දෙවනුව නව ප්‍රතිත්‍රස්ත පනතක් සකස් කිරීමට කටයුතු කරමින් සිටියේ

මේ සඳහා එක්සත් රාජධානියෙන් අපිට සහාය ලැබුණා. තෙවනුව මේ ප්‍රශ්නය ආරක්ෂක අංශ විශේෂයෙන් පොලිසිය මේ සම්බන්ධයෙන් දැනුවත් කළ විට මම උපදෙස් දුන්නා තදින් නීතිපතිගෙන් උපදෙස් ලබාගෙන ක්‍රියාත්මක වන ලෙසට. මම එලෙස උපදෙස් ගන්න ප්‍රකාශ කළේ එවැනි ක්‍රියාමාර්ග ගැනීමේදි මුහුණ පෑමට වෙන ගැටලු මඟහරවා ගැනීමට,”

මාධ්‍යවේදිනිය : “ඔබ මොකද හිතෙන්නේ හිටපු ජනාධිපති විසින්ම පත්කරනු ලැබු කොමිසම ඔහුට එරෙහිව චෝදනා එල්ලකිරිම සම්බන්ධයෙන් සහ කොමිසම ප්‍රකාශ කරනවා බොහෝදුරට හිටපු ජනාධිපතිට බුද්ධි අංශ ප්‍රධානීන් මේ ප්‍රහාරය සිදුවීමට පෙර අනතුරු ඇඟවීම් සිදුකළා කියලා? “ඔබ හිතන්නේ නැද්ද මෙය හිටපු ජනාධිපතිවරයෙකුට එරෙහිව සිදුකරන බරපතළ චෝදනාවක් කියලා ?”

රනිල් වික්‍රමසිංහ : “එය බරපතළ චෝදනාවක්. මම කැමැතියි වාර්තාව බලන්න. මොකක්ද බොහෝදුරට ඉදිරිපත්කරන චෝදනා හා සාක්ෂි පිළිබඳව සලකා බැලු ආකාරය. මන්ද එය තවම ඉදිරිපත්වෙලා නැහැ.” 


No comments:

Post a Comment

Post Bottom Ad