සමාජ මාධ්‍ය කළඹමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වූ බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සිදූ වූ දේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 25, 2021

සමාජ මාධ්‍ය කළඹමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වූ බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සිදූ වූ දේ !

වශ්‍ය සුදුසුකම් සම්පුර්ණ කර නොමැතිවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා උප සභාපති තනතුර වෙනුවෙන් පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් ලබාදුන් නාම යෝජනාව ප්‍රතික්ෂේප වී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුවයි මේ බව කියාසිටියේ.
 
මෙවර ක්‍රිකට් නිලවරණයට අදාළව පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් ද උප සභාපති ධුරය සඳහා ඊයේ නාම යෝජනා භාර දෙනු ලැබුවා.

ඒ උතුරු පළාතේ සෙන්ට් ඇන්තනීස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින්.
 
හිමිනමක් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයක් සඳහා නාම යෝජනා භාර දුන් පළමු අවස්ථාව ද එයයි.
 
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේදී ලබන මැයි මස 20 වැනිදා පැවැත්වීමට නියමිතයි.
 
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට අදාල නාමයෝජනා භාර ගැනීම පෙරේදා දහවල් 12.30ට අවසන් වුණා


No comments:

Post a Comment

Post Bottom Ad