කොවිඩ් මෘතදේහ භූමදානය ඉඩ නොලැබුණු අයගේ ඥාතීන් රජයෙන් වන්දි ඉල්ලිය යුතුයි - එජාප සභාපති - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 27, 2021

කොවිඩ් මෘතදේහ භූමදානය ඉඩ නොලැබුණු අයගේ ඥාතීන් රජයෙන් වන්දි ඉල්ලිය යුතුයි - එජාප සභාපති

කොවිඩ් මරණ භූමදානයට රජය විසින් මෙතෙක් අවසර නොදීම නිසා එසේ භූමදානයට ඉඩ නොලැබුණු අයගේ ඥාතීන් රජයෙන් රුපියල් ලක්ෂ 10 බැගින්වත් වන්දි ඉල්ලා සිටිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි. 

"භූමදානයද, ආදාහනයද ? දැන් මේ ආදාහනය කරපුවාට මොකක්ද කරන්නෙ ? මිනිස්සුන්ගෙ බය තිබුණෙ කෝවිඩ් එකට නෙවෙයි, අවසාන මරණ මංචකයේ තියෙන සිතුවිල්ලට බය තිබුණෙ. මැරෙන්න බයයි පුච්චන හින්දා ... 
අපෙ නායක හාමුදුරුවනේ අපෙ ආගමට අනුව නම් සියල්ල අනිත්‍යයයි. සියල්ල අනිත්‍ය නම් කෝවිඩ් කොහොමද නිත්‍ය වෙන්නෙ ? විෂබීජත් අනිත්‍යයයි. 

බලන්නකො මේ තීන්දුව ගන්න ලෝකෙම බුරන කල් හිටියානෙ. ලෝකෙ අනිත් රටවල් ටික කෑගැහුවාම ඡන්දෙ තියන හන්දා ඊයෙ එක්සත් ජාතීන්ගෙ රටවල් වල සියලුම නියෝජිතයො මේක විවේචනය කරාම රෑ 12ට ගැහුවා ගැසට් එක. ලැජ්ජයි ! හරි තීන්දුවක් ගන්න ලෝකෙන් කියන්න ඕනෙද ? 

භූමදානයට ආයෙ මේ සිංහලද මුස්ලිම්ද භේදයක් නෑ. සමහර අය පරම්පරාවෙන්ම භූමදානය කරන්නෙ, සමහර අය ආදාහනය කරන්නෙ. බෞද්ධ අය, කතෝලික අය, මුස්ලිම් අය ... මේක මුස්ලිම් අයගෙ කාරියක් නෙවෙයි. මේක ජාතික ප්‍රශ්නයක්. 

හරි නම් ඔය භූමදානය කරන්න ඉඳලා නොලැබිච්ච අය ලක්ෂ 10ක විතර වන්දියක් ආණ්ඩුවෙන් ඉල්ලාගන්න ඕනෙ. සිංහල අයත් ඇති, කතෝලික අයත් ඇති, මුස්ලිම් අයත් ඇති. ලක්ෂ 10ක් විතර වන්දි ඉල්ලගන්න ඕනෙ කරපු අපරාධෙට" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

ඒ මහතා මේ බව පැවසුවේ අද (27) ගාල්ල එක්සත් ජාතික පක්ෂ ආසන බලමණ්ඩලය අමතමිනි. 


No comments:

Post a Comment

Post Bottom Ad