වෙන්නප්පුව ASP මාරු කිරීම ක‍්‍රියාත්මක කලේ දේශපාලන අධිකාරිය සාකච්චා කරලා..- රාජ්‍ය ඇමති සනත් නිශාන්ත - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 29, 2021

වෙන්නප්පුව ASP මාරු කිරීම ක‍්‍රියාත්මක කලේ දේශපාලන අධිකාරිය සාකච්චා කරලා..- රාජ්‍ය ඇමති සනත් නිශාන්ත

වෙන්නප්පුව ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරිවරයකු ස්ථාන මාරු කිරීම ක්‍රියාත්මක කරනු ලැබුවේ දේශපාලන අධිකාරිය විසින් ගන්නා ලද තීරණයක් මත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා සඳහන් කරයි.

අදාල සහකාර පොලිස් අධිකාරිවරයා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට හෝ සහභාගි නොවන්නෙකු බවත් ඔහුට ලැබී තිබූ ස්ථාන මාරුව එසේම ක්‍රියාත්මක වීමට දේශපාලන අධිකාරිය විසින් තීරණය කල බවත් ඇමතිවරයා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ සර්ණවාහිනී රතු ඉර වැඩසටහන් සමග එක්වෙමිනි.

මෙම ස්ථාන මාරුවට චෝදනා එල්ල වූයේ රාජ්‍ය ඇමති අරුන්දික ප‍්‍රනාන්දු මහතාට බවත් ඔහු එහිදී පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad