පාස්කු ප්‍රහාරය ගැන ‘අගරදගුරු පදවිය’ අවසන් අනතුරු ඇගවීම කරයි: ඉටු නොකළොත් දැඩි පියවරක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 29, 2021

පාස්කු ප්‍රහාරය ගැන ‘අගරදගුරු පදවිය’ අවසන් අනතුරු ඇගවීම කරයි: ඉටු නොකළොත් දැඩි පියවරක් !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය මුළු මහත් ශ්‍රී ලාංකීය ජාතියටම එල්ල වු ප්‍රහාරයක් බැවින් වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම සඳහා බලධාරින් පෙළඹවීම සියලු පුරවැසියන්ගේ වගකීමක් බව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ කොළඹ අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කමිටුව යුක්තිය ඉටු කිරීමේ ස්වාධීන වැඩපිළිවෙළ අඩාල කරන කිසිදු දේශපාලන බලපෑමක් නොකරන ලෙස රජයෙන් මෙන්ම විපක්ෂයෙන්ද ඉල්ලා සිටී.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉෂ්ට කිරීමට නම් ඉදිරියේදි ගතයුතු පියවර 04ක්ද ඔවුන් දක්වා තිබේ. 

ඒ අනුව, ත්‍රස්ත ප්‍රහාරයට සෘජුව සහ වක්‍රව වගකිවයුත්තන් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන කඩිනම් කර ඔවුන් නීතිය හමුවට ගෙන ඒම.

ප්‍රහාරය පිළිබඳ ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදි එය වළක්වා ගැනීමේ වගකීම සිතා මතා පැහැර හැරි – නෛතික පියවර ගැනීමට ජනාධිපති කොමිසමද නිර්දේශ කර ඇති දේශපාලන නායකයින් සහ නිලධාරින්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරීම සහ මුස්ලීම් අන්තවාදී කණ්ඩායම් සම්පුර්ණයෙන්ම තහනම් කිරීම එම පියවර හතරයි.

එම ඉල්ලීම් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වසර 02ක් ගතවන 2021 අප්‍රේල් 21 දිනට පෙර ක්‍රියාත්මක කිරීමට හෝ ක්‍රියාත්මක කිරීමට අදාළ මුල් පියවරක් හෝ තැබීමට රජය අසමත්වුවහොත් ඉදිරියේදි විරෝධතා ක්‍රියාමාර්ග රට පුරා ශක්තිමත්ව දියත් කරන බව එම කමිටුව අවධාරණය කරයි.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.


No comments:

Post a Comment

Post Bottom Ad