සහල් කිලෝ 03ක් පවුලකට සති දෙකකට ප‍්‍රමාණවත් - බන්දුල - විගස පුවත් - Vigasapuwath

Tuesday, April 6, 2021

සහල් කිලෝ 03ක් පවුලකට සති දෙකකට ප‍්‍රමාණවත් - බන්දුල

හල් කිලෝ ග්‍රෑම් තුනක් සති දෙකක කාලයකට එක් පවුලක පරිභෝජනයට ප්‍රමාණවත් බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

සතොස විසින් මේ දිනවල ලබාදෙමින් ඇති සහන මල්ල සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

මෙම සහන මල්ල හේතුවෙන් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශාල වශයෙන් කැළඹීමක් ඇතිව ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්නට හැකි බවද පැවසූ ඔහු වෙනත් ආයතන විසින් එම භාණ්ඩ ඊට වඩා අඩු මිලට ලබාදීමට කටයුතු කරමින් ඇතැයිද කියා සිටියේය.

කෙසේ නමුත් සතොස විසින් ලබා දෙන භාණ්ඩ වගකීමක් සහිතව ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ ඇතුළත් කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

‘මේ එක පවුලකට සාමාන්‍යයෙන් හාල් කිලෝ තුනක් තියෙනවා. සීනි කිලෝවක්. මේ කාලපරිච්ඡේදය සති දෙකක වගේ කාලෙකට ප්‍රමාණවත් වෙනවා කියලා අපි හිතනවා පවුලකට’ යයිද ඇමතිවරයා පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *