යාපනයේ නගර සභාවේ කොටි පොලීසිය නැවත පිහිටුවන්න ගිය නගරාධිපතිට වැඩ වරදී ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 8, 2021

යාපනයේ නගර සභාවේ කොටි පොලීසිය නැවත පිහිටුවන්න ගිය නගරාධිපතිට වැඩ වරදී !

මාජය තුළ දැඩි ආන්දෝලනාත්මක කතාබහක් ඇති කරමින් යාපනයේ නගරසභාවේ පිහිටුවන ලද විශේෂ බලකාය සම්බන්ධව නීතිය ක්‍රියාත්මකව තිබේ.

ඒ අනුව එම බලකාය පිහිටුවන ලද යාපනය මහ නගර සභාවේ නගරාධිපති විශ්වලිංගම් මනිවාන්නන් අද (09) අලුයම 2.30ට පමණ මෙරට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනයේ නගරයේ රථ වාහන හැසිරීවීම, නගරය අපිරිසුදු කරන්නන් හට දඩ මුදල් නියම කිරීම ඇතුළු පරිසරය රැක ගැනීමට යැයි පවසමින් පිහිටවා තිබූ මෙම විශේෂ ඒකකයේ නිල ඇඳුම කොටි සංවිධානයේ පොලිස් නිල ඇඳුමට සමාන යැයි පවසමින් බොහෝ දෙනා චෝදනා කර සිටි අතර ඊයේ (08) දිනයේ පාර්ලිමේන්තුවේ දීද මේ පිළිබඳව කතාබහක් ඇතිවිය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් යාපනය මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ඇතුළු පිරිසකගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

එහිදී හෙළි වී ඇත්තේ මෙම නව ඒකකයට පුද්ගලයින් 05 දෙනෙකු ඇතුළත් කරගෙන ඇත්තේ නගරාධිපතිවරයා බවත්, ඔහු විසින් මෙම පිරිසට නිල ඇඳුම් ලබා දී රාජකාරියේ යෙදවූ බවත්ය.

ඊයේ (08) පාර්ලිමේන්තු සැසිවාරයේ දී දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා ප්‍රකාශ කර සිටියේ මෙම නගරාධිපතිවරයා ඊ.පී.ඩී.පී සන්ධානයේ සහාය ඇතිව පත් වූවෙකු බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad