1971 දී තරුණයින් auda සන්නද්ධව සිදුකළ අරගලය වෙනුවට, විසි එක්වන සියවසේ තොරතුරු තාක්ෂණයෙන් සන්නද්ධ වූ තරුණයින් සමග වෙනසක් වෙනුවෙන් අරගල කිරීමට සූදානම් බව ජරෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර මහතා පවසනවා.
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර නායකත්වය දරන දෙවන පරපුර අද කොළඹදී සම්මන්ත්‍රණයක් සංවිධාන කර තිබුණි. ඒ “71ට අඩ සියවසක් – හැරවුමක ඇරඹුමක් ” යනුවෙන්ය.
උවිඳු විජේවීර එහිදී සඳහන් කළේ,
“රට ගැන තරුණයින් තුළ ඇති ආදරය අවදි කළ යුතුයි. බෙදුණු සියලු දෙනා එක තැනකට ගෙන ආ යුතුයි. ඇස් ඇරන් බලන් ඉන්න අපි යන මාර්ගය දිහා. 21 වන සියවසේ නූතන තරුණයා සමග වෙනස කරනවා. ටොයියෝ, බයියෝ, ජෙප්පෝ – එහෙම නැහැ. හැම පක්ෂයේම රට ගැන හිතන අය ඉන්නවා. හොඳ මිනිස්සු එකතු වෙලා හොඳ සමාජයක් හදමු. හොරුන්ට රෑටත්, දවල්ටත් හොරකමේ යන්න බැරිවෙන්න. මේක වමේ හෝ දකුණේ කොණට අරගෙන යන්නේ නැහැ. රට දිනවන හරි තැන හිටගන්න,” යනුවෙනි.

No comments:
Post a Comment