වෙළේ සුදා බන්ධනාගාරයෙන් පිටතට ගෙන යෑම තහනම් – අභියාචනාධිකරණය දන්වයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, May 17, 2021

වෙළේ සුදා බන්ධනාගාරයෙන් පිටතට ගෙන යෑම තහනම් – අභියාචනාධිකරණය දන්වයි

මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී බූස්ස බන්ධනාගාරය තුළ රඳවා සිටින ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා එම බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යෑමෙන් වළකින ලෙස අභියාචනාධිකරණය නියෝග කරමින් බූස්ස බන්ධනාගාරයේ අධිකාරිවරයාට දන්වා තිබේ.

අභියාචනාධිකරණය මෙම නියෝගය ලබා දී ඇත්තේ ඔහුගේ මව වන ආර්.ජී. මාලනී නැමැත්තිය විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ රීට් පෙත්සමක් අද සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරු විසින් එම නියෝගය නිකුත් කර තිබුණි.

පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, මේ දිනවල පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් විවිධ විමර්ශනවලට බව සඳහන් කරමින් පිටතට රැගෙන ගොස් මරා දැමීමේ තත්ත්වයක් තිබෙන හෙයින් තම පුත්‍රයාට ද මෙම ඉරණමක් අත්වනු ඇතැයි තම සේවාදායිකාව බියෙන් පසුවන බවය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා, බන්ධනාගාර කොමසාරිස්වරයා, බූස්ස බන්ධනාගාර අධිකාරීවරයා නම්කර තිබේ. පෙත්සම සළකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා පෙන්වා දුන්නේ මෙවැනි අතුරු නියෝගයක් සම්බන්ධයෙන් සලකාබැලීම සඳහා වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කිරීම අවශ්‍ය බවය. ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, බූස්ස බන්ධනාගාර අධිකාරිවරයා, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා වෙත නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරුවරයා විසින් පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දී ඇත.

පෙත්සම තවදුරටත් සලකා බැලීම ලබන 24 වනදා සිදු කිරීමට දින නියම කළේය.

-lankatruth

No comments:

Post a Comment

Post Bottom Ad