වසංගතය අස්සේ මව්බිම විකුණං කන්න එපා – වියත්මගේ ලොක්කා ජනපතිගෙන් ඉල්ලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, May 17, 2021

වසංගතය අස්සේ මව්බිම විකුණං කන්න එපා – වියත්මගේ ලොක්කා ජනපතිගෙන් ඉල්ලයි

කොරෝනා වසංගතයෙන් සමස්ත මාතෘභූමිය වෙලාගෙන තිබෙන ඉතාමත් තීරණාත්මක මොහොතක මව්බිම විකුණාගෙන කෑමට ගෝටාබය රාජපක්ෂ ආණ්ඩුව විසින් දරණ උත්සාහය සම්බන්ධයෙන් මෙම ආණ්ඩුව ගොඩනැගිමට දායක වූ අයෙක් ලෙස කම්පාවට පත්වන බව වියත්මග සංවිධානයේ ප්‍රබලයෙකුවූ එරන්ද ගිනිගේ පවසයි.
සිය ෆේස්බුක් පිටුව හරහා ජනාධිපති ගොටාබය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකරන එරන්ද ගිනිගේ මව්බිමේ කොටසක් විදේශිකයන් හට ලියා දි අනාගත පරපුරේ උරුමය ජනපතිවරයා විසින් අහිමි කර දී මහා අපරාධයක් සිදුකර ඇතැයි පවසයි.
ගොටාබය රට හදන දැක්ම උපුටා දක්වන වියත්මග නායකයා “රටේ ස්වෛරීත්වය සහ ස්වාධීනත්වය කිසිම ලෙසකින් පාවානොදෙන, භූමිය හෝ රාජ්‍ය ව්‍යවසායන් විදේශයන් අතට පත් නොකරන සහ රටට අහිතකර ගිවිසුම් අත්සන් නොකරන ප්‍රතිපත්තිය අප ආරක්ෂා කරන්නෙමු.” යන ප්‍රතිපත්තිය ඉදිරියට දමා ජනතාවගෙන් චන්දය ලබාගත් ජනපතිවරයා අද එම ප්‍රතිපත්තිය විසිකර දමා ඊනියා වරාය නගර පනත සහ එහි සියලු ක්‍රියාදාමයන් සිදුකරමින් සිටින බවට චෝදනා කරයි.
රජයට බදු නොගෙවන විදේශිකයන්ගේ කාම පරාදිසයක් හැදිමට ඔබට අකුසල සිත් පහල වුයේ කෙසේද?
බෞද්ධ දර්ශනයෙන් නිර්මිත ශ්‍රේෂඨ සංස්කෘතිය ඔබ ආරක්ෂා කරන්නේ මෙලෙසද?
වරාය නගරයේ හදන්නට යන විසකුරු විලම්බිතයද ඔබ මේ රටේ දරුවන්ට දෙන්න යන ත්‍යාගය? යනුවෙන් ප්‍රශ්න කරන එරන්ද ගිනිගේ ජනපතිවරයා බලයට පත්කරගැනිමේ පාපකර්මයට තමන්ද හවුල්කාරයෙක් වූ බැවින් එහි විපාකය තමන්ටද ගෙවිමට සිදුවන බව පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad