කොවිඩ් එන්නත් ගැන වැදගත් නිවේදනයක් ළඟදීම - චීන තානාපති කාර්යාලය - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, May 17, 2021

කොවිඩ් එන්නත් ගැන වැදගත් නිවේදනයක් ළඟදීම - චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ පවතින දැඩි කොවිඩ් එන්නත් අවශ්‍යතාවය සම්බන්ධයෙන් තීරණාත්මක හා වැදගත් නිවේදනයක් නුදුරේදීම සිදුකිරීමට හැකි වනු ඇති බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

මේ පිළිබඳව තානාපති කාර්යාලය දන්වා තිබුණේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනි.

ශ්‍රී ලංකාවේ පවතින දැඩි කොවිඩ් එන්නත් අවශ්‍යතාවය, චීනය විසින් ඉතා වැදගත් කොට සලකන බව  මෙරට චීන තානාපතිවරයා වන චී ජන්හොං මහතා පසුගිය සතියේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දන්වා සිටි බවත්, මේ සම්බන්ධයෙන් තීරණාත්මක ප්‍රගතියක් පිළිබඳව ඉදිරි දින වලදී දැනුම්දීමක් සිදුකිරීමට හැකි වනු ඇති බවත්, එහි දැක්වේ.

පසුගිය මාර්තු මාසයේදී චීනය විසින් ප්‍රදානයක් ලෙස ලබාදුන් සිනොෆාම් එන්නත් මාත්‍රා පසුගිය දින කිහිපය පුරාවටම බස්නාහිර පළාතේ විවිධ ප්‍රදේශ වල පැවති එන්නත්කරණ වැඩසටහන් වලට යොදාගැනුනු අතර, කොවිඩ් එන්නත් ලබාගැනීමට ජනතාව අතර දැඩි උනන්දුවක් දක්නට ලැබුණි.




No comments:

Post a Comment

Post Bottom Ad