ඉන්දියාවෙන් කොවිඩ් නසන දියරයක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, May 17, 2021

ඉන්දියාවෙන් කොවිඩ් නසන දියරයක් !

කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා විශේෂ දියරයක් නිෂ්පාදනය කිරීමට ඉන්දියා‍වේ පර්යේෂණ ආයතනයක් සමත් වී තිබෙනවා. මෙම ඖෂධය 2-deoxy-D-glucose හෙවත් 2DG ලෙස නම්කර තිබෙනවා.

මෙම ඖෂධය හදිසි භාවිතය සඳහා ඉන්දියානු සෞඛ්‍ය බළධාරීන්ගේ අනුමැතිය හිමිව ඇති අතර මේ වනවිට එම ඖෂධයේ මාත්‍රා 10,000 ක් පමණ රෝහල් වෙත යවා තිබෙනවා.

මෙම ඖෂධ නිෂ්පාදනය කර තිබුණේ ඩීආර්ඩීඕ විද්‍යාගාරය සහ හයිද්‍රාබද්වල පිහිටි ඉන්දියානු ඖෂධ නිෂ්පාදනයේ දැවැන්තයෙකු වන ආචාර්ය රෙඩීස් රසායනාගාර සමඟ එක්වයි.

පසුගිය වසරේ මැයි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ සිදු කරන ලද දෙවන අදියර අත්හදා බැලීම්වලදී කොවිඩ්-19 රෝගීන් සඳහා මෙම ඖෂධය ආරක්ෂිත බව සොයා ගැනීමට මෙය නිර්මාණය කළ කණ්ඩායමට හැකියාව තිබේ.

ග්ලුකොස් භාවිතා කරන ආකාරයෙන් ජලයේ දියකර මෙම ඖෂධය භාවිතයට ගතහැකි අතර එමගින් වෛරසයේ ක්‍රියාකාරීත්වය අඩපන කිරීමේ හැකියාව පවතින බවයි පර්යේෂණවලදී හෙලි වී තිබෙන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad