විදුරගේ චීන විරෝධයට සුබපතා ගෙන ආ යෝජනාව සම්මතයි: යෝජනාව එජාපයෙන් - සහාය පොහොට්ටුවෙන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, May 23, 2021

විදුරගේ චීන විරෝධයට සුබපතා ගෙන ආ යෝජනාව සම්මතයි: යෝජනාව එජාපයෙන් - සහාය පොහොට්ටුවෙන්

වරාය නගර පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය නොදී ඉන් වැළකී සිටීම සම්බන්ධයෙන් විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයාට බොහෝ පැසසුම් ලැබෙමින් තිබෙන බව වාර්තා වේ. විදුර වික්‍රමනායක මහතා පොදුජන පෙරමුණේ සංවිධායක ධූරය දරන හොරණ මැතිවරණ කොට්ඨාශයට අයත් හොරණ ප්‍රාදේශීය සභාවද ඔහුට සුභ පතමින් යෝජනාවක් සම්මත කොට ගෙන තිබේ.

වරාය නගර පනත් කෙටුම්පත සම්මත කර ගත් දිනට පසු දින එනම් ඉකුත් 21 වෙනි දින හොරණ ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේදී වරාය නගර පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය නොදීම අගය කරමින් ගෙන ආ යෝජනාව ඒකමතිකව සම්මත වී තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ අදාල යෝජනාව ගෙන එන ලද්දේ එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන සරත් සමරකෝන් මහතා වීමය.

ඔහුගේ යෝජනාවට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේද සහාය ලැබී තිබේ.

විදුර වික්‍රමනායක මහතා සමඟ ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ හා මහින්ද සමරසිංහ යන පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ද වරාය පනත් කෙටුම්පතට ඡන්දය දීමෙන් වැලකී සිටින ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad