වැහුවට වැඩක් නෑ.. මිනිස්සු ‘Doctor’ බෝඩ් ගහගෙන වාහනවල යනවා.. ඩොක්ටර්ස්ලා ඔච්චර පාරෙ ඉන්න විදිහක් නෑ - ජනපති - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, May 24, 2021

වැහුවට වැඩක් නෑ.. මිනිස්සු ‘Doctor’ බෝඩ් ගහගෙන වාහනවල යනවා.. ඩොක්ටර්ස්ලා ඔච්චර පාරෙ ඉන්න විදිහක් නෑ - ජනපති

සංචරණ සීමා පැනවීමෙන් අනතුරුව එම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා ජනතාවගේ සහයෝගය අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

කොවිඩි මර්දන විශේෂ කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අතර එහිදී ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුනි.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ,

“25 වනදා අපි විවෘත කරනවා කියලා කිව්වේ අර අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ගන්න විතරයි. පාටි දාන්න නෙමෙයි මේක තියෙන්නේ. අද වුණත් මම එනකොට වාහන වැඩියි. මේ කියන්නේ ජනතාව මේ වගකීම භාර ගන්නේ නෑනේ. මං බලාගෙන ආවේ.

සමහර අය හුඟාක් වාහනවල ඩොක්ටර්ස්ලා කියලා ගහගෙන යනවා. ඩොක්ටර්ස්ලා ඔච්චර පාරේ ඉන්න විදිහක් නෑ නේ. මොකක්ද ඩොක්ටර්ගෙ නම, කොහෙද වැඩ කරන්නේ කියලා බලන්න ඕනේ. මොකද බොරු අය ඒ සීල්එක ගහගෙන යනවා.

ජනතාව මේක තේරුම් ගන්නේ නැතුව වැහුවට වැඩක් නෑ. නීති දාලා විතරක් කරන්න බෑ. සාමාන්‍ය අඩු ආදායම් අයට කොහොමද අත්‍යවශ්‍ය බඩු මල්ලක් බෙදන්නේ කියන එක තමයි ප්‍රශ්නය වෙන්නේ. ඒක සම්බන්ධීකරණය කරගන්න ඕනේ.”

– adaderana

No comments:

Post a Comment

Post Bottom Ad