සයිනෝෆාම් මෙහෙ නිපදවනවා කියන්නේ බොරුවක් - තොගේට ගෙන්වලා කුප්පි කරන්න හදන්නේ WHO අනුමැතියත් නැති සිනොවැක් - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, May 23, 2021

සයිනෝෆාම් මෙහෙ නිපදවනවා කියන්නේ බොරුවක් - තොගේට ගෙන්වලා කුප්පි කරන්න හදන්නේ WHO අනුමැතියත් නැති සිනොවැක් - (video)

මෙරට තුලදී සයිනෝෆාම් එන්නත නිපදවීමට කටයුතු කරන බවට ආණ්ඩුව පසුගියදා ප්‍රකාශ කර තිබුණද සැබෑ ලෙසම සිදුවන්නේ තොගයට එන්නත් ගෙන්වා මෙරටදී ඒවා කුප්පි කිරීම බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ අද (22) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය. 

මෙහිදී සේනාරත්න මහතා සඳහන් කළේ  ගෙන්වීමට සූදානම් වන්නේද චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත නොව ඵලදායී බව 50%ක් පමණ වන සිනොවැක් නමැති එන්නත බවත් එයට මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය පවා හිමිව නොමැති බවත්ය.  

''දැන් මේගොල්ලෝ මේ කියන්න හදන්නේ මගේ කාලේ කරපු ඒවා ඒගොල්ලොත් කරනවා කියල. නමුත් කරන්නේ අමූලික බොරුවක්නේ. තොග ගානේ ගෙනල්ලා ඒවා කුප්පිවලට දාලා කුප්පි සීල් කරලා වෙළෙඳපොළට දෙන්න හදන්නේ. ඕක නිෂ්පාදනයක්ද? අපි පෙත්ත,කරලා, ඉන්ජෙක්ෂන් එක මේ කියන සියල්ල ලංකාවේ නිෂ්පාදනය කළා. නිෂ්පාදන ධාරිතාවය බිලියන දෙකේ ඉඳලා බිලියන හතරට වැඩිකළා. තව සමාගම් පවා බිහිකළා. ඒවායින් හදපු බෙහෙත් නිසා තමයි මේ ආණ්ඩුව මෙච්චර හරි ගැලවිලා ඉන්නේ. අද මහා විශාල බෙහෙත් හිඟයක් තියෙනවා පිටරටින් ගෙන්වන ඒවායේ. මම එදා නිෂ්පාදන ධාරිතාවය දෙගුණ කළේ නැත්නම් අද ඒ බෙහෙත් ටිකත් නැහැ.'' යනුවෙන් සේනාරත්න මහතා තවදුරටත් අදහස් දැක්වූයේය. 

No comments:

Post a Comment

Post Bottom Ad