විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ බිරිඳ ජලනි ප්‍රේමදාසට කොරෝනා | Sajith and wife test positive for Covid-19 - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, May 23, 2021

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ බිරිඳ ජලනි ප්‍රේමදාසට කොරෝනා | Sajith and wife test positive for Covid-19


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ඔහුගේ බිරිඳ ජලනි ප්‍රේමදාස මහත්මියට කොරෝනාවෛරසය ආසාදනය වී තිබේ.
සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත්තේ, කොවිඩ්-19 රෝග ලක්ෂණ මතු වීම හේතුවෙන් තම බිරිඳ ඊයේ (මැයි 22) රෝහල්ගත කර ඇති බවත් එහිදී සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයකදී ඇය කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇති බවත් ය.

පසුව, සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව තමන් ද පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා භාජනය වූ බවත් එහිදී තමාට ද කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණු බව විපක්ෂ නායකවරයා සිය ට්විටර් සටහනේ සඳහන් කර ඇත.

ඒ අනුව, තමන් ද මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව විපක්ෂ නායකවරයා පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad