ආනයනකරුවන් මාස 09කට සීනි තොග ගබඩා කරගෙන.. ඩොලර් නැතිවේ යයි භීතියෙන් - දයාසිරි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 25, 2021

ආනයනකරුවන් මාස 09කට සීනි තොග ගබඩා කරගෙන.. ඩොලර් නැතිවේ යයි භීතියෙන් - දයාසිරි

මෙරට ඩොලර් නැති වෙනු ඇතැයි ජනතාව භීතියට පත්ව සිටින බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් ඇතැම් ව්‍යාපාරිකයන් ඉදිරි මාස නවයක කාලය සඳහා අවශ්‍ය සීනි තොග ගෙනැවිත් ගබඩා කර ඇතැයිද ඒ මහතා පැවසීය.

මේ අතර මෙරටට සීනි ආනයනය කිරීම සඳහා නිකුත් කර ඇති සියලුම බලපත්‍ර අත්හිටුවීමට ආනයන පාලක වරිය විසින් කටයුතු කර තිබේ.

දැනට රටේ පවතින ඩොලර් සංචිතය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි ද වාර්තා වේ.

මේ තත්ත්වය මත සීනි මිල ඉහළ යාමේ තත්ත්වයක් උද්ගතව ඇති අතර සුදු සීනි කිලෝවක් රුපියල් 140ක් හා රතු සීනි කිලෝව 150 මට්ටමට ඉහළ යාමේ තත්වයක් මතු වී තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad