2/3 නැතිව බෑ.. 20 නැතිව බෑ.. දැන් බැසිල් නැතිව බෑ.. ඒත් බැරිනම් ශිරන්ති නෝනටයි ලේලිලාටයි ඇමතිකම් දීලා බලන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 30, 2021

2/3 නැතිව බෑ.. 20 නැතිව බෑ.. දැන් බැසිල් නැතිව බෑ.. ඒත් බැරිනම් ශිරන්ති නෝනටයි ලේලිලාටයි ඇමතිකම් දීලා බලන්න

ආර්ථිකය ගොඩදැමීමට නම් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව පැමිණිය යුතු යැයි පවසන පුද්ගලයන් නොකියා කියන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ ෆේල් බව යයි ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ බැසිල් රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තුවට කැඳවා ඔහුට ද බැරිනම් ලේලිලා පිරිස හෝ කැදවාගෙන රට ගොඩ දමන ලෙස ඉල්ලා සිටින බවයි.

ශිරන්ති රාජපක්‍ෂ මහත්මියත්, ලේලියන් පිරිසත් පාර්ලිමේන්තු කැදවා ඇමැතිකම් දී රට හදන්නයි ජනාධිපති ගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණ විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

මුලින්ම 2/3 නැතිව බෑ කියු බවත්, පසුව 20 නැතිව බෑ කියූ බවත් දැන් බැසිල් නැතිව බෑ කියන බවත් පැවසූ ඔහු ඉදිරියේදී තවත් හේතුවක් හදාගෙන බෑ කියනු ඇතැයිද පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad