මෙරටට ඩොලර් ලැබීම ගැන කිසිම සහතිකයක් නෑ.. සංචිත තවත් වැටෙනවා - අගමැති මහින්ද කැබිනෙට්ටුවට කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 29, 2021

මෙරටට ඩොලර් ලැබීම ගැන කිසිම සහතිකයක් නෑ.. සංචිත තවත් වැටෙනවා - අගමැති මහින්ද කැබිනෙට්ටුවට කියයි

මෙරට විදේශ විනිමය සංචිත වලට සැලකිය යුතු තරමේ විදේශ විනිමය ගලා ඒමක් ගැන කිසිදු සහතිකයක් නැතැයි මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට දන්වා ඇත.

රටේ විදේශ විනිමය ණය ආපසු ගෙවීම කාලසටහනට අනුව ඉදිරි මාස වලදී මෙරට විදේශ සංචිත තවදුරටත් පහළ වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කර ඇත.

අග්‍රාමාත්‍ය වරයා මෙම අනතුරු ඇගවීම සිදු කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම ජූලි මාසයේ දී ඉන්දියානු සංචිත බැංකුව සමග එළඹෙන ද්විපාර්ශික මුදල් හුවමාරු ගිවිසුම යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 400ක ලබාගැනීමට ඇමති මණ්ඩල අනුමැතිය ඉල්ලා යොමු කළ කැබිනට් සංදේශයක් මගිනි.

ඉන්දියානු සංචිත බැංකුවෙන් මෙම මුදල ලබාගැනීම ඉකුත්දා මුදල් මණ්ඩලය විසින් අනුමත කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad