ක්‍රීඩකයින්ට එංගලන්තෙට යන්න මිලියන 69ක විශේෂ ගුවන් යානයකුත් වෙන් කළා - අර්ජුන ද සිල්වා - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 29, 2021

ක්‍රීඩකයින්ට එංගලන්තෙට යන්න මිලියන 69ක විශේෂ ගුවන් යානයකුත් වෙන් කළා - අර්ජුන ද සිල්වා

එංගලන්ත සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ආරක්ෂිතව රැගෙන යාම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් වෙන් කර ගැනීම සදහා රුපියල් මිලියන 69ක මුදලක් වැය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටු ප්‍රධානී මහාචාර්යය අර්ජුන ද සිල්වා මහතා පවසනවා.

අද දෙරණ නාලිකාවේ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මේ බව කියා සිටියා.

ක්‍රීඩකයින් දැන දැනම ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය කරමින් වැරැදි සිදු කිරීම සම්බන්ධයෙන් තමා දැඩි ලෙස කනගාටුවට පත් වන බවයි මහාචාර්යයවරයා සදහන් කළේ.

“ක්‍රිකට් ආයතනය මිලියන 69ක් වියදම් කරලා ශ්‍රී ලංකන් එයාර් ලයින් චාර්ටඩ් ෆ්ලයිට් එකක් යැව්වේ මෙයාලගෙ ආරක්ෂාව සදහා.” යනුවෙන් මහාචාර්යය අර්ජුන ද සිල්වා මහතා සදහන් කළා.

“ඉන්දීය කණ්ඩායමට කළින් මෙයාලව එන්නත් කරලා තියෙන්නේ. ඒකයි මට දුක සහ තරහක් තියෙන්නේ. මම කවදාවත් ක්‍රීඩකයින්ව විවේචනය කරන්නෙ නැහැ. මම හරිම ආදරෙයි ක්‍රීඩකයින්ට. අපිට එංගලන්තෙ තියෙන තත්ත්වය මොකක්ද දැන්. අපිට ඒගොල්ලන්ට කතා කරන්නවත් පුලුවන්ද මින් ඉදිරියට.”


No comments:

Post a Comment

Post Bottom Ad