මැද පෙරදිග රටවල් හයක සිට පැමිණෙන ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබේ.
ඒ අනුව, පසුගිය දින 14ක් තුළ සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, කුවේට්, බහරේන් සහ ඕමාන් යන රටවල සංචාරක ඉතිහාසයක් ඇති සියලු ම ගුවන් මගීන්ට ශ්‍රී ලංකාව බලා පැමිණීමට අවසර නොලැබේ.
නිවේදනයක් නිකුත් කරමින් සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ, මෙම තහනම ජූලි 1 සිට ජූලි 13 දක්වා ක්‍රියාත්මක බවය.
එම රටවල සිට පැමිණෙන ගුවන් මගීන් අදාළ කාල සීමාව තුළ මෙරටට රැගෙන ඒමෙන් වළකින සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අදාළ ගුවන් සමාගම් දැනුම්වත් කර ඇති බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.


No comments:
Post a Comment