ඉන්ධන මිල අඩු කරන්න බැසිල් අවශ්‍ය නෑ.. බැසිල් ආ පසු මිල අඩු කරන මතයක ආණ්ඩුව නෑ - ඇමති කෙහෙළිය - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 29, 2021

ඉන්ධන මිල අඩු කරන්න බැසිල් අවශ්‍ය නෑ.. බැසිල් ආ පසු මිල අඩු කරන මතයක ආණ්ඩුව නෑ - ඇමති කෙහෙළිය

ඉන්ධන මිල පහත දැමීම සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත් වීමක් අවශ්‍ය නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

ඉන්ධන මිල ඉහළ දමා ඇත්තේ වෙනත් කිසිදු විකල්පයක් නොතිබූ නිසා බවද පවසන අමාත්‍යවරයා හැකි පළමු අවස්ථාවේදීම ඉන්ධන මිල අඩු කර ජනතාවට සහන ලබා දෙන බවද පැවසිය.

බැසිල් රාජපක්ෂ මහතා ඇමතිවරයෙකු වීමෙන් අනතුරුව ඉන්ධන මිල අඩු කරන බවට පළවන මතයන් ආණ්ඩුවේ මතය නොවන බවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ මතයක් පමණක් බවත් ඔහු කියා සිටී.

ඒ මහතා මේ බව කියා සිටියේ අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

ඉන්ධන මිල වැඩි වීමෙන් ජනතාව පීඩාවට පත්වීම පිළිබඳව ආණ්ඩුවේ සියලු දෙනා සංවේදී බවත් ඒ නිසා ඉන්ධන මිල අඩු විය යුතු බව සමස්ත ආණ්ඩුවේම අදහස බව ඔහු තවදුරටත් පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad