මොකක්ද මේ කරන්නේ.. ඇයි පරණ මැච් තාම බලන්නේ - සනත්ට කේන්ති යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 29, 2021

මොකක්ද මේ කරන්නේ.. ඇයි පරණ මැච් තාම බලන්නේ - සනත්ට කේන්ති යයි

දැනට වසර විස්සකට විසි පහකට පමණ පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ ජයග්‍රහි තරග නැරඹීම තවදුරටත් ප්‍රායෝගික නැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සුපිරි ආරම්භක පිතිකරු සනත් ජයසූරිය සඳහන් කරයි. ඔහු කියා සිටින්නේ වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමට ද ඒ ආකාරයෙන් ආඩම්බර විය හැකි තත්ත්වයක් නිර්මාණය කිරීමට සියලු දෙනා කැපවිය යුතු බවයි.

ඒ සම්බන්ධයෙන් ක‍්‍රිකට් බලධාරීන් මෙන්ම ක්‍රීඩකයන්ගේ පැත්තෙන්ද කැපකිරීම බොහෝ ප්‍රමාණයක් සිදු කළ යුතුව ඇතැයි ද ඔහු කියා සිටියේය.

දැනට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන් ද ඉතා දක්ෂ ක්‍රීඩකයන් බවත් ඔවුන් නිසි ලෙස කළමනාකරණය කිරීම කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

තමන් ඇතුළු පිරිසගේ කාලයේ ශ‍්‍රි ලංකා කණ්ඩායමේ ක්‍රීඩා තරග පෙන්වීම ගැන අකමැත්තක් නැති නමුත් වත්මන් කණ්ඩායම ද ඉහල තත්ත්වයට ගෙන ආ යුතු බවද ඔහු පැවසීය.

සිරස රූපවාහිනිය සමග පැවති වැඩසටහන අදහස් පළ කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad