බැසිල් පාර්ලිමේන්තු කැදවන්න.. මන්ත‍්‍රීන් 113ක අත්සනින් ලිපියක් බාර දෙති - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 29, 2021

බැසිල් පාර්ලිමේන්තු කැදවන්න.. මන්ත‍්‍රීන් 113ක අත්සනින් ලිපියක් බාර දෙති

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස බැසිල් රාජපක්ෂ මහතා පත් කළ යුතු බව පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 113ක වැඩි පිරිසක් අත්සන් කරමින් ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරන්නේ මෙම ලිපිය සඳහා පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් මෙන් ද ජ්‍යේෂ්ඨ ඇමතිවරු ද අත්සන් තබා ඇති බවයි.

එමෙන්ම හැකි ඉක්මනින් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පැමිණිය යුතු බවට යෝජනාවක් පළාත් පාලන ආයතන කිහිපයකම සම්මත කරගෙන තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad