පක්ෂ මාරුවෙන විට ප්‍රතිපත්ති මාරුවෙන ක්‍රමය වෙනස් කළ යුතුයි - රනිල් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 28, 2021

පක්ෂ මාරුවෙන විට ප්‍රතිපත්ති මාරුවෙන ක්‍රමය වෙනස් කළ යුතුයි - රනිල්

රට ගොඩනැංවීමට නම් කුමන පක්ෂයක් බලයේ සිටියත් වෙනස් නොවන දීර්ඝකාලීන ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකස් කළ යුතු බවත්, එය කිසිවෙකුට වෙනස් කළ නොහැකි පරිදි නීතියෙන්ම ස්ථාපිත කළ යුතු බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පක්ෂ මාරුවන විට ප්‍රතිපත්ති මාරු කිරීම හේතුවෙන් රටක් ගොඩනැගිය නොහැකි බවයි එජාජ නායකයා අවධාරණය කරන්නේ.

රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකළේ පසුගියදා ඉවත් කළ එජාප පළාත් පාලන මන්ත්‍රීවරුන් වෙනුවට අලුතින් පත්කළ නියෝජිතයන් දිවුරුම් දීමේ අවස්ථාවට එක්වෙමිනි. නව පළාත් පාලන මන්ත්‍රීවරුන් දිවුරුම් දීම එජාප නායකයාගේ ප්‍රධානත්වයෙන් අද (28) සිරිකොත එජාප මූලස්ථානයේදී පැවැත්විණි.

සමගි ජන බලවේගයට සහාය දැක්වීම හේතුවෙන් මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 69 දෙනෙකු ඉවත් කිරීමට එජාපය තීරණය කළ අතර ඒ අතර පළාත් පාලන ආයතන ප්‍රධානීන් තිදෙනෙකුද විය.


 
එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ එජාප නායකයා සඳහන් කළේ සියලු දේශපාලනඥයන් ප්‍රතික්ෂේප කරන තැනකට ජනතාව පැමිණ ඇති බවයි. ඒ අනුව සමස්ත දේශපාලන සංස්කෘතියේම වෙනසක් අවශ්‍ය වී තිබෙන බවද වික්‍රමසිංහ මහතා පවසනවා.

No comments:

Post a Comment

Post Bottom Ad