තමාගේ සහ තම පවුලේ සාමාජිකයන්ට ඉතා බරපතල ජීවිත අවදානමක් තිබෙන බැවින් ඒ සම්බන්ධයෙන් සලකා බලා තමාගේ සහ තම පවුලේ සාමාජිකයන්ගෙන් ආරක්ෂාව තහවුරු කරන්නැයි ඉල්ලමින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
තම සේවා කාලය තුළදී නීත්‍යනුකූලවත්, අපක්ෂපාතී ලෙසත් සේවය කළ බව පෙන්වා දෙන ශානි අබේසේකර මහතා පවසන්නේ ඒ නිසාම ප්‍රබල දේශපාලනඥයන්ගෙන්, ආරක්ෂක අංශ සාමාජිකයන්ගෙන්, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ගෙන් තමාට හා තම පවුල තර්ජන තිබෙන බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන සමයේදී තම නිවසට පවා විශේෂ කාර්ය බළකා නිළධාරීන්ගේ ආරක්ෂාව ලබා දී තිබුනේ ඒ නිසා බවද ඔහු සිය ලිපියෙන් අවධාරණය කරනවා.
අසාධාරණ ලෙස වැඩ තහනමට ලක්වීමත් සමග ආරක්ෂාව ඉවත් කර ඇති බැවින් තමාගේ හා පවුලේ සාමාජිකයන්ගේ ජීවිත පිළිබඳව දැඩි අවදානමක් මතුව තිබෙන බවත්, එම තත්වය සලකා බලා ජීවිත ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් ඔහු සිය ලිපියෙන් පවසා සිටිනවා.




No comments:
Post a Comment