බැසිල් වෙනුවෙන් පොහොට්ටුවේ පසු පෙළ සංවිධාන වෙයි - ප්‍රමිත බණ්ඩාරගේ නිවසට පසුපෙළ මන්ත්‍රීන් රැස් වෙලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 27, 2021

බැසිල් වෙනුවෙන් පොහොට්ටුවේ පසු පෙළ සංවිධාන වෙයි - ප්‍රමිත බණ්ඩාරගේ නිවසට පසුපෙළ මන්ත්‍රීන් රැස් වෙලා

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් අද (27) සාකච්ජාවක් පවත්වා තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ දෙහිවල,ඇන්ඩසන් පාරේ පිහිටි නිවසේදීයි එම සාකච්ජාව පවත්වා ඇත්තේ. 

එම සාකච්ජාවේදී බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පැමිණිය යුතු බවට යෝජනාවක් සම්මත කරගෙන ඇත.   


 
ලබන 08 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස බැසිල් රාජපක්ෂ මහතා දිවුරුම් දීමට නියමිත බව වාර්තා වී තිබෙන අතර ඔහු වෙනුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී, ආචාර්ය රංජිත් බණ්ඩාර මහතා ඉල්ලා අස්වීමට නියමිත බව සඳහන්.

බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් පසු  ඔහුට ප්‍රතිපත්ති සම්පාදන, මුදල් හා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍යධුරය හිමිවීමට නියමිත අතර රංජිත් බණ්ඩාර මහතාට බැසිල් රාජපක්ෂ මහතාගේ අමාත්‍යාංශයේ ලේකම් ධූරය ලබා දීමට සූදානම් කර ඇති බවද කියවෙයි. 

බැසිල් රාජපක්ෂ මහතාගේ මෙම පාර්ලිමේන්තු ආගමනය ගැන අදහස් දක්වමින් විපක්ෂ කණ්ඩායම කියා සිටින්නේ බැසිල් පැමිණියද වැටී ආර්ථිකය ගොඩ ගැනීමට ඔහුට හැකියාවක් නැති බවය. 

No comments:

Post a Comment

Post Bottom Ad