ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින කාන්තා පාර්ශවය මුහුණපාන ලිංගික හිංසනයන් පිළිබඳව තොරතුරු අනාවරණය කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙත ලිපියක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කටයුතු කර තිබේ.
ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සේවයේ නියැලී සිටින කාන්තාවන් හට සිදුවන්නේ යැයි පැවසෙන ලිංගික හිංසනයන් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා වල දැඩි කතාබහක් ඇතිව තිබේ. මෙම කතාබහ මෑතක් වන තුරු කේන්ද්‍රගත වී තිබුණේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වැඩකටයුතු වල නියැලී සිටින කාන්තා පාර්ශවය ඉලක්ක කර ගෙන වූවද, සිංහල සහ දමිළ බසින් කටයුතු කරන ජනමාධ්‍ය ආයතන වලද කාන්තාවන්ට මෙවන් ලිංගික හිංසන බොහෝකලක පටන් සිදුවන බවට එම එකමුතුව පෙන්වා දෙයි.
මෙම ලිංගික හිංසන ජනමාධ්‍ය ආයතන වල කතෘවරුන්, සංස්කාරකවරුන්ගෙන් පමණක් නොව පුරුෂ ජනමාධ්‍යවේදීන්ගෙන් පවා සිදුවන බවයි එම සංගමය වැඩිදුරටත් අවධාරණය කරන්නේ.
විශේෂයෙන්ම ආයතන ව්‍යූහය තුළ කටයුතු කරන කාන්තා ආධුනික මාධ්‍යවේදිනියන් බියවද්දා ලිංගික හිංසනයන් සිදුව ඇති බවට සඳහන්.
මේ පිළිබඳ කඩිනම් අවධානය යොමුකරමින් ඊට නිසි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා සිටින ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඊට යෙදිය හැකි පිළියම් ලෙස යෝජනාමාලාවක් ද තම ලිපිය හරහා ප්‍රකාශයට පත් කොට තිබේ.
මේ සම්බන්ධයෙන් #MeToo නමින් හෑෂ්ටැගයක් හඳුන්වාදෙමින් ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසනයන් වලට විරුද්ධව හඬ නැගීමට ද සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කටයුතු කර තිබේ.



No comments:
Post a Comment