ආණ්ඩුවේ දුෂ්ඨයන් සුළු පක්‍ෂවලට එරෙහි කුමන්ත‍්‍රණයක.. කලින් කුමන්ත‍්‍රණයෙන් අගමැති ඝාතනය කලා - රාජ්‍ය ඇමති - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 22, 2021

ආණ්ඩුවේ දුෂ්ඨයන් සුළු පක්‍ෂවලට එරෙහි කුමන්ත‍්‍රණයක.. කලින් කුමන්ත‍්‍රණයෙන් අගමැති ඝාතනය කලා - රාජ්‍ය ඇමති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජයට සම්බන්ධ හවුල්කාර පක්ෂ නායකයන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල වැනි නායකයන්ට ආණ්ඩුව තුළම සිටින දුෂ්ට බලවේග විසින් විවිධ කෙනෙහිලිකම් කරමින් සිටිනා බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවිර මහතා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති කළ යුතු බවට ජාතික මතයක් ඇති කළේ එම හවුල්කාර පක්ෂ නායකයන් විසින් බවද ඒ මහතා පවසයි.

එම කුමන්ත‍්‍රණකරුවන් විසින් මේ වන විට ආණ්ඩුවට සම්බන්ධ සහෝදර පක්ෂවලට බලපතල දේශපාලන ප්‍රශ්නයක් හා පීඩාවක් ඇති කරමින් ඇතැයිද ඔහු සඳහන් කළේය.

1956 දී, 1970දී ආණ්ඩුවලට එරෙහිව මේ ආකාරය කුමන්ත්‍රණ ක්‍රියාත්මක වූ බවද පැවසූ ඔහු එවැනි කුමන්ත්‍රණ කරුවන් තම ගමන නැවැත්තුවේ එවකට අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීමෙන් පසු බවද කියා සිටියේය.

කළුතර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමතිවරයා මේ බව පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad