තව මාස දෙකකින් මෙරට කොරෝනා අවසන්.. ඉන් පසු රට සාමාන්‍යයි - ලොකුගේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 29, 2021

තව මාස දෙකකින් මෙරට කොරෝනා අවසන්.. ඉන් පසු රට සාමාන්‍යයි - ලොකුගේ

කොරෝනා වසංගතය පාලනය කර තවත් මාස දෙකකින් පමණ මෙරට ජන ජීවිත සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම රජයේ අපේක්ෂාව බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි. විපක්ෂය ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටි ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජය රටේ ජනතා ප්‍රශ්න ගැන අවබෝධයකින් කටයුතු කරන බව ද පැවසීය.

කොරෝනා තුන්වන රැුල්ලද අද වන විට යම් මට්ටමකට පාලනය කර ගැනීමට හැකිව තිබෙන බවත් පැවසූ ඔහු දැනට රට පුරා එන්නත් ලබාදීමේ කටයුතු සිදු වන බවත් සඳහන් කළේය.

ලෝකයේ රටවල් දැන් වන විට කොරෝනා පාලනය කරමින් නීති ලිහිල් කරමින් සිටින බවත් ශ්‍රී ලංකාවේ ද තව මාසයක් දෙකක් යන විට සාමාන්‍ය ලෙස වැඩ කරන්න ලබාදීම රජයේ බලාපොරොත්තු බවද ඔහු පැවසීය.

ඒ මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad