ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් නව කොන්ත්‍රාත්තුවට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කරති - විගස පුවත් - Vigasapuwath

Thursday, June 3, 2021

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් නව කොන්ත්‍රාත්තුවට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කරති

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් 24 දෙනකුම නව ක්‍රිකට් කොන්ත්‍රාත්තුව අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර තිබේ.

ක‍්‍රීඩක කොන්ත්‍රාත්තුවේ විනිවිදභාවය සම්බන්ධයෙන් කරුණු හෙළි කරන්නයි දිගින් දිගටම ඉල්ලුවද ඔවුන් මේ දක්වා එම ඉල්ලීම ඉටු කර නැතැයි ක්‍රීඩකයන් කියා සිටිති.

මේ හේතුවෙන් ඒ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලැබෙන තෙක් ගිවිසුම් අත්සන් නොකරන බව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් දැනුම් දුන් බව ඔවුන්ගේ නීතිඥයා සඳහන් කරයි.

ක්‍රීඩකයන් කාණ්ඩ ගත කිරීමේදී එක් එක් ක්‍රීඩකයාට ලකුණු හිමි වූ ආකාරය හෙළි කරන්නැයි ක්‍රීඩකයන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *