සිංහ පවුලට කොවිඩ් බව සඟවන්න උත්සාහයක් ? - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 25, 2021

සිංහ පවුලට කොවිඩ් බව සඟවන්න උත්සාහයක් ?

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වෙසෙන ‘තෝර්’ නමැති සිංහයාට ‘කොවිඞ් 19’ වෛරස ආසාදිත වී ඇති බවට ‘සිදු කළ හෙළිදරව්වෙන් පසු අදාළ සිංහ පවුලේ අනෙකුත් සාමාජිකයින් හා කොවිඞ් බවට සැකකරන අනෙකුත් සතුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමේ කටයුතු සත්වෝද්‍යාන පාලන අධිකාරිය විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයෙන් ඉවත් කර ඇති බව පුවත්පතක් උපුටා දක්වමින් අද (25) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේදී ප්‍රකාශ කෙරුණා.

‘කොවිඞ් 19’ රෝගය සිංහයාට වැලඳී ඇති බව සත්වෝද්‍යාන බලධාරීන් විසින් සඟවා සිටි පසුබිමක එම ප‍්‍රවෘත්තිය මාධ්‍යයට වාර්තාවීම සම්බන්ධයෙන් සත්වෝද්‍යාන බලධාරීන් කෝපයට පත්ව ඇති බවත්, එම නිසා මෙසේ ඉදිරි පරීක්ෂණ රාගම වෛද්‍ය පීඨයේ රසායනාගාරය වෙත ලබාදී ඇති බවත් එම වාර්තාවේ සඳහන්.

කෙසේ වෙතත් ‘තෝර්’ නමැති සිංහයාගේ ‘ෂීනා’ නමැති සහකාරියට ද මේ වන විට ‘කොවිඞ් 19’ වැලඳී ඇති බව රාගම වෛද්‍ය පීඨයේ රසායනාගාරය උපුටා දක්වමින් රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.

එම සංගමය මගින් නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ රසායනාගාරයේ සියලූ සත්ව රෝගවලට මෙන්ම මේ වන විට සතුන්ට වැලඳෙන කොවිඞ් වෛරස හඳුනා ගැනීමේ පහසුකම් තිබියදී පරීක්ෂණ රාගම වෛද්‍ය පීඨයට ලබාදීම සත්වෝද්‍යානයේ සතුන් අතර කොවිඞ් රෝගය පැතිර යෑම පිළිබඳ තොරතුරු වසන් කිරීම සඳහා සත්වෝද්‍යානයේ පාලනාධිකාරිය විසින් ගෙන ඇති උත්සාහයක් බවයි.

මේ අතර සත්වෝද්‍යානයේ සිංහ දූපතේ විසූ තෝර්, ෂීනාට අමතරව උන්ගේ දරු දෙදෙනාටත් කොවිඞ් වැලඳී ඇතැයි විශ්වාස කරන බව සත්වෝද්‍යාන ප‍්‍රකාශකයෙක් සඳහන් කර තිබෙනවා.

-liveat8


No comments:

Post a Comment

Post Bottom Ad