බැසිල් පාර්ලිමේන්තු ඒම ගැන පොහොට්ටුව දෙකට බෙදේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, June 24, 2021

බැසිල් පාර්ලිමේන්තු ඒම ගැන පොහොට්ටුව දෙකට බෙදේ !

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නැවතත් පාර්ලිමේන්තුවට පිවිසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුන අභ්‍යන්තරයෙන් මත දෙකක් නිර්මාණය වී ඇතැයි වාර්තා වෙයි.

ඉන් එක් කණ්ඩායමක් සඳහන් කරන්නේ එළැඹෙන පාර්ලිමේන්තු සැසි වාරයේ දී බැසිල් රාජපක්ෂ මහතා දිවුරුම් දිය යුතු බවයි.

අනෙක් කණ්ඩායමේ අදහස වී ඇත්තේ බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ගෙන ඒමෙන් පසුව බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පිවිසිය යුතු බවයි.

මේ සම්බන්ධයෙන්ද දීර්ඝ සාකච්ඡාවක් සිදු කිරීමෙන් අනතුරුව අවසන් තීන්දුව ගනු ඇතැයිද දැනගන්නට ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad