දුමින්ද සිල්වාට අද ජනාධිපති සමාව ? - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 23, 2021

දුමින්ද සිල්වාට අද ජනාධිපති සමාව ?

මරණ දඬුවම නියම වී දැනට සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද දිනයේ ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට ඉඩ ඇති බව ‘ද මෝනින්’ පුවත්පත වාර්තා කරයි.

එම නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සම්පූර්ණ කර ඇතැයිද නීති ආරංචි මාර්ග උපුටමින් පුවත්පත සඳහන් කරයි.

2016 සැප්තැම්බර් මාසයේදී මහාධිකරණය විසින් ඔහු ඇතුළු විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කරන ලද්දේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් කරමිනි.

මේ අතර අද පොසොන් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 93 දෙනෙකු ජනාධිපති සමාව යටතේ නිදහස හිමිව තිබේ.

LLTE සැකකරුවන් 16 දෙනෙකු ද ඒ අතර සිටී. සුළු වැරදි සම්බන්ධයෙන් තවත් 77 දෙනෙකුට නිදහස හිමිව ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad