කුසල්, දික්වැල්ල සහ ධනුෂ්ක කටුනායක දී යුද හමුදා භාරයට ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 29, 2021

කුසල්, දික්වැල්ල සහ ධනුෂ්ක කටුනායක දී යුද හමුදා භාරයට !

මේවන විට මහත් ආන්දෝලනයකට පත්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබෙනවා.

උපනායක කුසල් මෙන්ඩිස්, කඩුළු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල සහ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක මෙම තිදෙනා යි.

ඒෂියන් මිරර් ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ මෙම තිදෙනා රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL 504 දරණ ගුවන්යානය අද (29) දහවල් 1.15ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල වෙත ගොඩබෑ බවයි.

මේ අතර මොවුන් තිදෙනා ගුවන් තොටුපොල පෙත පැමිණීමෙන් අනතුරුව දින 14 ක අනිවාර්ය නීරෝදායන ක්‍රියාවලියට යොමු කොට තිබෙනවා.

ඒ අනුව ක්‍රීඩකයින් තිදෙනා ශ්‍රී ලංකා යුද හමුදාව වෙත භාර දුන් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා අනාවරණය කළා.

ශ්‍රී ලංකා - එංගලන්ත අවසන් 20 විස්ස තරගය අන්ත පරාජයක් ලැබීමෙන් අනතුරුව මෙම තිදෙනා එංගලන්තයේ වීදි සරමින් කාලය ගතකරන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුදිග දා මහත් ආන්දෝලනයකට තුඩු දුන්නා.


No comments:

Post a Comment

Post Bottom Ad