බැසිල්ට දෙන්න මහින්දගේ කෑලි ගලවන්න සූදානමක නෑ… - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 27, 2021

බැසිල්ට දෙන්න මහින්දගේ කෑලි ගලවන්න සූදානමක නෑ…

ළඟදීම පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිත හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලබාදීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ යටතේ ඇති මුදල් අමාත්‍යංශයේ වෙනස්කම් සිදු කිරීමට සූදානමක් දැනට නොමැති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි.

බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසෙනු ඇති බවත් පසුව මුදල් හා ආර්ථික කටයුතු පිළිබඳ ප්‍රබල ඇමති ධුරයක දිවුරුම් දෙනු ඇති බවත් වාර්තා පල විය.

නමුත් එම කටයුත්ත එළඹෙන 6 වනදා සිදු නොවුණු ඇති බව වාර්තා වන්නේ ඔහු තවදුරටත් නිරෝධායන කාලසීමාව ගත කරමින් සිටින බැවිනි.

No comments:

Post a Comment

Post Bottom Ad