ඉන්ධන මිල අඩු කර සලාක ක‍්‍රමයට දෙන්න කමිටුවක් පත් කරන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක්.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 27, 2021

ඉන්ධන මිල අඩු කර සලාක ක‍්‍රමයට දෙන්න කමිටුවක් පත් කරන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක්..

ඉන්ධන දැනට පවතින මිල අඩු කරන්නේ නම් ඉන්ධන මෙරටට ආනයනය කිරීම සීමා කර සලාක ක්‍රමයට ලබා දීමට සිදුවුණු ඇති බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ.

ඉන්ධන මිල අඩු කරන්නේ නම් බදු මිල අඩු කර කලින් පැවති මිල තත්වයට ගෙනැවිත් සලාක ක්‍රමයට බෙදා හැරිම සදහා කමිටුවක් පත් කරන ලෙසද ඒ මහතා විසින් කැබිනට් මණ්ඩලයේ දී යෝජනා කර ඇත.

ඉන්ධන මිල වැඩි කර ඇත්තේ මෙරට බලපා තිබෙන ඩොලර් හිගය නිසා බවද පෙන්වා දී ඇති ඇමැතිවරයා පවතින තත්ත්වය අනුව ඉන්ධන මිල අඩු කළ නොහැකි බවද සඳහන් කර තිබේ.

මෙතරම් ප්‍රමාණයකින් මිල ඉහළ දැමීම වැරදි බව ඇතැමුන් සඳහන් කළ ද ඩොලර් දිගේ හමුවේ වෙනත් විකල්පයක් නැති බවද ඔහු පෙන්වා දී ඇත.

මේ අතර පවත්නා තත්ත්ව යටතේ ඉන්ධන මිල අඩු කළ නොහැකි බවට අමාත්‍ය මණ්ඩලයේදී තීන්දුවක් ගෙන ඇතැයි ද මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දැනුවත් කර ඇත්තේ ඉන්ධන මිල අඩු කළ නොහැකි වුවත් ඉන්ධන භාවිතය අඩු කිරීමට විකල්ප වෙත යොමු විය යුතු බවයි.

පුනර්ජනනීය විදුලි නිෂ්පාදනය ඒ සඳහා හොඳම විකල්පය බවද පවසා ඇති ජනාධිපතිවරයා දැනට ප්‍රමාද වී ඇති පුනර්ජනණීය විදුලි නිෂ්පාදන ව්‍යාපෘති කඩිනම් කරන්නැයිද දැනුම් දී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad