රනිල් මාව ඇන්දුවේ මෙහෙමයි - ජෝන් තිර පිටපත එළියට දමයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, June 24, 2021

රනිල් මාව ඇන්දුවේ මෙහෙමයි - ජෝන් තිර පිටපත එළියට දමයි

රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට දිවුරුම් දී තිබෙන එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ඉතා වැදගත් තොරතුරු රාශියක් ජෝන් අමරතුංග මහතා විසින් හෙළිදරව් කරනවා.

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවේ පළමු නම ලෙස තිබුණු තමන්ට එම මන්ත්‍රීධුරය ලබාදෙන බවට වික්‍රමසිංහ මහතා කිහිපවිටක්ම තමන්ට පොරොන්දු වූ බවයි අමරතුංග මහතා හෙළි කරන්නේ.

ලිපියට අත්සන් කරන්න ලේකම් බැහැ කිවුවා

එහෙත් තමාගේ නම මැතිවරණ කොමිසම වෙත යැවීම සඳහා වූ ලිපියට අත්සන් තැබීම එවකට සිටි එ.ජා.ප මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන බව තමාට වික්‍රමසිංහ මහතා කිහිප විටක්ම දැනුම් දුන් බවත් අමරතුංග මහතා හෙළිදරව් කරනවා.

තීන්දුවක් ගන්න කාලය හරි

තමා හා සමකාලීන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන එ.ජා.ප නායකයා තමාට දැක්වූ මෙම ප්‍රතිචාරය මත ඉදිරියේදී දේශපාලන තීන්දුවක් ගැනීමට බලාපොරොත්තු වන බවයි අමරතුංග මහතාගේ අදහස වන්නේ.

2010 මහ මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයෙන් වජිර අබේවර්ධන මහතා පරාජය වූ අවස්ථාවේ ඔහුද එම මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 8න් එකක් ඉල්ලා සිටි අතර ඒ අවස්ථාවේ වික්‍රමසිංහ මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ මහ මැතිවරණයේ පරාජිතයන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර ලබා නොදීමේ එ.ජා.ප ප්‍රතිපත්තිය පෙන්වා දෙමින්.

එහෙත් මෙවර තමා විසින්ම පැනවූ ප්‍රතිපත්තිය කඩමින් 2020 අගෝස්තු මහ මැතිවරණයෙන් පරාජය වූ රනිල් වික්‍රමසිංහ මහතා එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad