ඊශ‍්‍රායලයේ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ එක්ව නව රජයක් පිහිටුවීමට තීරණය කර තිබේ. ඒ සමග, වසර දොළහක කාලයක් පැවති, බෙන්ජමින් නෙතන්යාහු පාලන යුගය අවසන් වීමට නියමිතය. අරාබි ඊශ‍්‍රායල පක්ෂය සහ යුදෙව් ජාතික පක්ෂය එක්ව නව රජය පිහිටුවන බව සදහන් ය.
ඊශ‍්‍රායලය තුළ ජීවත් වන පලස්තීන ජාතිකයන් නියෝජනය කරන දේශපාලන පක්ෂයක්, එරට පාලන බලය දරන සන්ධානයක හවුල්කරුවන් බවට පත්වන්නේ ඉතිහාසයේ පළමු වතාවට බව පැවසේ.

No comments:
Post a Comment