පාස්කු පරීක්ෂණ හරියට වෙන්නෙ නැත්නම් අපි ජාත්‍යන්තරයට යනවා! - විගස පුවත් - Vigasapuwath

Thursday, June 3, 2021

පාස්කු පරීක්ෂණ හරියට වෙන්නෙ නැත්නම් අපි ජාත්‍යන්තරයට යනවා!

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සම්බන්ධයෙන් සෑහිමකට පත්විය නොහැකි බවත්, තවදුරටත් පරීක්ෂණ මේ අයුරින්ම සිදුවන්නේ නම් තමන්ට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ ජාත්‍යන්තර කතෝලික පල්ලිවල සහාය මේ සදහා ලබා ගැනීමට සිදුවනු ඇති බවත් අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සදහන් කර ඇත.

ඊයේ (02) කොළඹ පැවැති මාධ්‍ය හමුවේදී උන්වහන්සේ මේ බව සදහන් කොට තිබේ.

එමෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරයට ඇතැම් විට සමහර දේශපාලනඥයින් සම්බන්ධ විය හැකි බව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සදහන් කර ඇත.

උන්වහන්සේ රජයෙන් ඉල්ලා සිටියේ හිටපු නීතිපතිවරයා විසින් සඳහන් කළ කුමන්ත්‍රණය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න පිළිබඳව නිසි පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

“පරීක්ෂණ මේ දිශාවට ගමන් කරන බවක් නොපෙනෙන අතර අපි ඒ පිළිබඳව සෑහීමකට පත් නොවෙමු,” ඔහු පැවසීය.

“දෙහිවල බෝම්බකරු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත්, වෙනත් බෝම්බකරුවෙකුගේ බිරිඳක් වූ සාරා නැමැති කාන්තාව මේ වනවිට සිටින ස්ථානය සොයා ගැනීමට පියවර ගත යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් එහිදී කියා සිටියහ.

“සමහර පොලිස් නිලධාරීන් ද ඇතුළුව ජනාධිපති කොමිසමේදී අනාවරණය වූ ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව පියවර ගෙන නොමැති බව කී උන්වහන්සේ මේ අයුරින් තවදුරටත් කටයුතු සිදුවුවහොත් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ කතෝලික පල්ලියේ වෙනත් අයගෙන් ජාත්‍යන්තර මට්ටමින් ආධාර ලබා ගැනීමට අපට සිදුවනු ඇති බවද උන්වහන්සේ කියා සිටියහ.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *