තමන් මියගිය විට සිදුවිය යුතු දේ ගැන චන්ද්‍රිකාගෙන් ප්‍රකාශයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 29, 2021

තමන් මියගිය විට සිදුවිය යුතු දේ ගැන චන්ද්‍රිකාගෙන් ප්‍රකාශයක්

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද (30) සිය ජන්ම දිනය සමරනවා.

ඇය අද දින සමරන්නේ ඇගේ 76 වැනි ජන්ම දිනය යි.

මේ අතර සිය ජන්ම දිනයේ දී තම නිල ෆේස්බුක් පිටුවෙහි කුමාරතුංග මහත්මිය විශේෂ සටහනක් තබා තිබෙනවා.

මීට හැත්තෑ හය වසරකට පෙර තමන් වෙලොවට පැමිණියේ තනිව, හිස් අතින් බවයි ඇය පවසන්නේ.

එමෙන්ම කවදා හෝ මෙලොවින් නික්මෙන්නේ ද තනිව බව ඇයගේ සටහනෙහි දැක්වෙනවා.

කෙසේ වෙතත් මෙලොව හැර යන ඕනෑම කෙනෙකු එක් දෙයක් පමණක් රැගෙන යන බවත්, ජීවිත කාලය පුරා සිදු කළ දෑ අනුව තීරණයවන හොඳ නම හෝ නරක නම පමණක් එලෙස රැගෙන යන බවත් ඇය පවසනවා.

මෙම යතාර්ථය තමන් කුඩා කල සිටම තේරුම් ගත් දෙයක් බවයි හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කරන්නේ.

තමන් ජීවිත කාලය පුරාම ක්‍රියා කළේ ලොව යහපත් තැනක් කිරීමට බව ද ඇය සඳහන් කර තිබෙනවා.

එමෙන්ම කවදා හෝ තමා මිය ගිය දවසට තමා කළ කී දෑ අනාගත පරපුරට ආදර්ශයට ගත හැකි නම් සිය සතුට එය බව යි ඇය පවසන්නේ.

හිටපු ජනාධිපතිවරිය තැබූ සම්පූර්ණ සටහන පහතින්...





No comments:

Post a Comment

Post Bottom Ad