ගෙදරදි මරණයක් වුණොත් PCR නෑ... විශාල අනතුරකට අතවැනීමක් - PHI සංගමය කල්තියා පෙන්වා දෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 30, 2021

ගෙදරදි මරණයක් වුණොත් PCR නෑ... විශාල අනතුරකට අතවැනීමක් - PHI සංගමය කල්තියා පෙන්වා දෙයි!

නිවෙස් තුල දී මියයන පුද්ගලයන් සම්බන්ධයෙන් කොරෝනා පරීක්ෂණ සිදු නොකර එම මෘතදේහය නිදහස් කිරීමට හදිසි මරණ පරීක්ෂකවරුන්ට හා ග්‍රාම නිලධාරීවරුනට බලය ලබා දෙමින් සෞඛ්‍ය ලේකම්වරයා විසින් ලිපියක් නිකුත් කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් කොරෝනා වෛරසය සමාජගත වීමෙන් දැඩි අවදානමක් ඇති වී තිබෙන බවයි.

මීට පෙර නිවෙස් වල මිය පුද්ගලයන්ගේ මෘතදේහ නිදහස් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන්, මහජන සෞඛ්‍ය සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ වාර්තාවක් ලබාගැනීම සිදු වූ බව ද ඔහු පෙන්වා දෙයි.

නව තීරණය හේතුවෙන් නිවස් වල දී මිය යන කොරෝ්නා ආසාදිත පුද්ගලයන් හේතුවෙන් වෛරසය සමාජය පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

නිවෙස් තුළ දී මිය යන පුද්ගලයන්ට කොරෝනා ආසාදිත යයි හෙලි වුවහොත් එම නිවැසියන් හා ප්‍රදේශවාසීන් නිරෝධායනයට ලක්කර වෛරසය පැතිරයාම පාලනයට මෙතෙක් කටයුතු කළ ද නව දැනුම් දීම හේතුවෙන් එසේ කිරීම නොහැකිවීම පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු බවද උපුල් රෝහණ මහතා කියා සිටියේය.

මීට පෙර නිවාස වල මිය ගිය බොහො දෙනෙකු කොරෝනා ආසාදිත බව තහවුරු වුවත් නව තීරණය හේතුවෙන් එම මරණ කොරෝනා මරණ ලෙස හදුනා ගැනීමට නොහැකි වනු ඇතැයිද ඔහු තව දුරටත් පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad