දඩාවතේ ගිය ක‍්‍රීඩකයන්ගේ සැප කපයි.. නිරෝධායනය පහලම තැනක.. ව්‍යාපාරික පන්තිය නෑ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 30, 2021

දඩාවතේ ගිය ක‍්‍රීඩකයන්ගේ සැප කපයි.. නිරෝධායනය පහලම තැනක.. ව්‍යාපාරික පන්තිය නෑ !

විනය විරෝධීව හැසිරීම හේතුවෙන් තාවකාලිකව ක‍්‍රිකට් තහනමට ලක් කර එංගලන්තයේ සිට මෙරටට ගෙන්වන ලද ක්‍රීඩකයන් සඳහා ලබා දී ඇත්තේ මිල ගණන් අවම නිරෝධායන හෝටලයක් බව ක්‍රිකට් පාලක මණ්ඩලය ආරංචි මාර්ග කියා සිටී.

කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ දනුශ්ක ගුණතිලක එංගලන්තයේ සිට ගෙන්වා ගෙන ඇත්තේ ද ගුවන් යානාවේ ‍ව්‍යපාරික පන්තියේ අසුන්වල නොව සාමාන්‍ය පන්තියේ බවද වාර්තා වෙයි.

ඔවුනට ක‍්‍රිකට් ක්‍රීඩකයන් සඳහා ලබාදෙන කිසිදු විශේෂ පහසුකමක් ලබා නොදීමට කටයුතු කර ඇතැයිද එම ආරංචි මාර්ග කියා සිටී.

නිරෝධායනය සදහා වැය වන මුදල ඔවුන්ගෙන් අය කර ගැනීමටත තීරණය වී තිබේ.

එංගලන්තයේදී තරගාවලියකට සහභාගී වීම සදහා ගොස් සිටි ඔවුන් ජෛව ආරක්‍ෂණ බුබුල උල්ලංඝණය කරමින් මද්‍යම රාත‍්‍රියේදී වීදියක සැරිසැරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad