කුසල් මෙන්ඩිස් සහ දික්වැල්ල ජෛව ආරක්ෂණ බුබුල බිදද දැමුවාද? Sri Lanka cricket විමර්ෂණයක් අරඹයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 27, 2021

කුසල් මෙන්ඩිස් සහ දික්වැල්ල ජෛව ආරක්ෂණ බුබුල බිදද දැමුවාද? Sri Lanka cricket විමර්ෂණයක් අරඹයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වෙමින් පවතින වීඩියෝවක් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

එංගලන්තයේ තරග සංචාරය සඳහා එහි ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් යන ක්‍රීඩකයින් දෙදෙනා කණ්ඩයමේ ජෛව ආරක්ෂණ බුබුල බිඳ දැමීමක් සිදුකර ඇතැයි ද යන්නත් මෙන්ම අදාළ වීඩියෝවේ සත්‍ය අසත්‍ය සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් විමර්ශනය ආරම්භ කර ඇති බවයි එහි ජේෂ්ඨ නිලධාරියෙකු නිව්ස්වයර් වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර සිටියේ.

මෙම වීඩියෝව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එංගලන්තයට ගොස් සිටින කණ්ඩයමේ කළමනාකරු ගෙන් වාර්තාවක් ද කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.


No comments:

Post a Comment

Post Bottom Ad