රනිල්ගෙ ඔළුවයි මහින්දගේ ශරීරයයි එකතු එකතු කරන්න ඕනෑ! රනිල් ළඟ තියාගෙන මුරුත්තෙට්ටුවේ හිමි රටටම කියයි!! (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 23, 2021

රනිල්ගෙ ඔළුවයි මහින්දගේ ශරීරයයි එකතු එකතු කරන්න ඕනෑ! රනිල් ළඟ තියාගෙන මුරුත්තෙට්ටුවේ හිමි රටටම කියයි!! (video)

රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔළුව සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ශරීරය එකතු කළ විට මේ රට දියුණු කළ හැකි බව අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.

පාර්ලිමේන්තුවේ දිව්රුම් දීමෙන් අනතුරුව ආශිර්වාද ලබා ගැනීම සදහා වික්‍රමසිංහ මහතා අභයාරාමයට පැමිණීමෙන් අනතුරුව උන්වහන්සේ මෙසේ කීහ.

පසුගිය කාලය පුරාම අභයාරාමය ප්‍රසිද්ධව තිබුණේ රාජපක්ෂවරුන්ට හිතැති පන්සලක් ලෙසය.

ඉකුත් යහපාලන ආණ්ඩු සමයේ ශ්‍රී ලනිපය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් භාරගැනීමෙන් පසු මුරුත්තෙට්ටු‌වේ හිමියන් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් සිය පන්සලේ කාර්යාලයක්ද විවෘත කොට මාධ්‍ය හමු පැවැත්වීමට අවස්ථාව සලසා දුන්නේය.

එමෙන්ම පසුගිය කාලයේ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු පැමිණෙන බවට වාර්තා වද්දී ඇතැම් මාධ්‍ය කියා සිටියේ රාජපක්ෂවරුන්ගේ වුවමනාව මත වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු පැමිණෙනවා යැයි කියාය.

ඒ අනුව අද දිනයේදී වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමෙන් අනතුරුව කෙළින්ම පැමිණියේද අභයාරාමයටය.

No comments:

Post a Comment

Post Bottom Ad